පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක්

278

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක් දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙ.ව. 6.00 සිට සිකුරාදා මධ්‍යහ්න 12.00 වන තෙක් පමණක් සිදු කරන බව එම නිවේදනයෙන් දන්වා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *