භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට අද (10) පස්රුවේ මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
වෛද්‍ය නිර්දේශ අනුව දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි බවත් ඒ මහතා බන්ධනාගාර රෝහලේ රැදවීමේ අවශ්‍යතාවයක් නොමැති බව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කිරීම නිසා මෙසේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර බව ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වෙනත් පුවත්
බහලුම් රථ 800ක් වරායේ හිරවෙලා
ආනයනික බහාලුම් නිෂ්කාශනය ප්‍රමාද වීම නිසා බහාලුම් ප්‍රවාහන රථ 800 කට ආසන්න සංඛ්‍යාවක් වරාය තුළ ගාල්කර තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (10) පැවසීය.
වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කළමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් ආනයනික බහාලුම් නිෂ්කාශනය කර පිටත්කර හැරීම ප්‍රමාද වී ඇති බවත් බහාලුම් නිෂ්කාශනය කරගැනීමට ඇති තදබදය හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳීසිටීමට සිදුව ඇති බවත් සනත් මංජුල මහතා කීය.
බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ද සියයට 20 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් ඇති බවත් බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආයතන කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවත් වාර්තා වේ.

















