BREAKING NEWS
Search

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ මෙරට සංචාරයක

44

බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ නසාරියෝ මෙරට ජාතික වනෝද්‍යානයක සෆාරියක් සඳහා සහභාගි වී ඇති බව දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඉකුත් දා රොනාල්ඩෝ නසාරියෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකදී ලබාගත් ඡායාරූපයක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි සමාජ මාධ්‍ය ඔස්සේ පළකරනු ලැබුවා.

එහිදී එම ඡායාරූපය සඳහා ඔහු ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමඟ පෙනීසිට තිබූ අතර, “හිටපු බ්‍රසීලයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා ශ්‍රීලන්කන් ගුවන් සේවය සමඟ සුවපහසු ගමනකට එක්විය. ඔබ අප සමඟ ගමන් කිරීම සතුටක්” යැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඡායාරූපය සමාජ මාධ්‍යයේ පළකරමින් සටහනක් තබා තිබුණා.

R9 යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රොනාල්ඩෝ, පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨයකු ලෙස සැළකෙනවා.

ඔහුගේ ජයග්‍රහණ අතර අවස්ථා තුනකදී FIFA වසරේ ලෝක ක්‍රීඩකයා ලෙස නම්කිරීම සහ Ballon d’Or සම්මාන දෙකක් දිනාගැනීමද ප්‍රමුඛත්වය ගනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *