BREAKING NEWS
Search

මිතුරන් සමග විනෝද වීමට ගිය තරුණයෙක්ට අත් වූ ඉරණම

328

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ දී මුහුදේ විනෝදයට දියනෑමට ගිය තරුණයෙකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

‍මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරොන්තුඩුව ප්‍රදේශයේ හෝටලයක සේවය කළ බාග්‍යවන් සෙල්වනායගම් නම් 26 හැවිරිදි අයෙකි.

ඔහු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මිතුරන් සමග අද (17) පස්වරුවේ කුඩා වස්කඩුව මුහුදු වෙරළට පැමිණ දිය නෑමට ගොස් ඇති අතර එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

කළුතර උතුර පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් තරුණයා සොයා මෙහෙයුම් දියත් කර ඇතත් ‍මෙතෙක් ඔහු සොයාගැනීමට නොහැකිව තිබේ.

සිද්ධිය සම්බන්ධව කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *