BREAKING NEWS
Search

රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් ජීවිතක්ෂයට

113

කොළඹ ගාල්ල මාර්ගයේ ඕ.එල්.වී. විදුහල් හන්දියේදී පානදුර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (06) අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් සහ කුඩා දැරියක් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එන කාන්තාව මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මරනකාරිය වයස අවුරුදු 32ක් වූ හොරෙයිතුඩුව, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *