BREAKING NEWS
Search

තාරකා ඉබ්බන්ට ගුවන් යානය මග හැරෙයි

90

රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා “තාරකා ”  ( මේවර ) ඉබ්බන්  25 දෙනෙකු නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී සදහා අනුයුක්ත කර සිටි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් කොළඹ , කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 45 හැවිරිදි වියේ පසුවන සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපරයක නිරත වූවන් දෙදෙනෙකි .ඔවුන්  ඊයේ(2 ) උදෑසන 07.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානය වෙත පිවිසීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 තුළ තෙත රෙදි වලින් ඔතා මෙම ඉබ්බන් සගවා ගෙන තිබුණි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *