අතුරුගිරියේ ඝාතකයන් පළා ගිය බස් රථය සොයා ගනී

200

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම බස් රථය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේදීයි අද (07) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36ක් වන දර්ගා නගරයේ පුද්ගලයෙක්.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *