BREAKING NEWS
Search

සා.පෙළ විභාගයේ තවත් ප්‍රශ්න පත්‍රයක් ගැන පරීක්ෂණයක්

211

මෙවර පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ එක් කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සඳහන් වේ.

එම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙකුට ආසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බවත් , අදාළ සිදුවීම් සඳහා මුහුණ දුන් අපේක්ෂකයින් පිළිබඳ වෙන වෙනම අධ්‍යයනයන් සිදුකර ඊට අවශ්‍ය පියවර ගන්නා බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *