BREAKING NEWS
Search

සෙල්ෆියක් ගහන්න ආ රසිකයාට ශකීබ්ගෙන් තරවටුවක්…

137
නිරන්තරයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රසිකයෙකුට පහර දෙන බවට තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (06) ෆතුල්ලාහි ඛාන් ෂහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගණයේ දී ප්‍රයිම් බෑන්ක් ක්‍රිකට් සමාජයට එරෙහිව තරගයට පෙර මෙම සිදුවීම සිදු ව තිබෙනවා.

කාසියේ වාසිය උරගා බැලීමට පෙර ෂකීබ්, ප්‍රධාන පුහුණුකරු ෂෙයික් සලාහුදීන් සහ ඔවුන්ගේ දඟ පන්දු පුහුණුකරු සමඟ කතාබස් කරමින් සිටින අතරවාරයේ අදාළ රසිකයා පැමිණ ඇති බවයි එම මාධ්‍ය පවසන්නේ.

එම අවස්ථාවේ දී ඔහු සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කරන අවස්ථාවේ දී එම රසිකයාගෙන් දුරකතනය උදුරා ගැනීමට උත්සාහ කළ බවත් අනතුරුව රසිකයා ඉන් පිටව ගිය පසු ශකීබ් නැවත පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කිරීමට ගිය බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *