Latest Articles
Search

සැමියාට නිදි පෙති දී අනියම් සැමියා ගෙදරට ගෙන්වාගෙන පෙම් කෙලපු බිරිදට අන්තිමට වෙච්ච දේ

603

විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත්  අධිකරණයට හමුවට (06) දා පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරු එච්.එම්.ෆරීඩ්ඩීන් මහතා විසින් නියෝග කරන ලදී.

Advertisement

මෙසේ රක්ෂිත භාරයට පමුණුවා ඇත්තේ,කැප්පෙටිපොළගේ නිර්මිතා යසාදරී නැමති (26) හැවිරිදි කාන්තාවකි.

Advertisement

නිඳි පෙති පානය කළ බව කියන සැකකාර කාන්තාවගේ (32) හැවිරිදි සැමියා රෝගී තත්වයෙන් අප්‍රේල් (13) දා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත (14) දා මාරු කර ඇත.

Advertisement

මෙම සැකකාර කාන්තාව හා ඇගේ සැමියා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස සේවය කරමින් සිටිති. සැමියා නිඳන්ගත අපස්මාර රෝගය සඳහා ප්‍රථිකාර ලබමින් පසුවෙන අයෙකි. මොවුන් දෙදෙනා පදිංචිව සිට ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ නිල නිවාසයකය.

Advertisement

අප්‍රේල් මස (13)  වන දින  නියමිත වැඩ මුරය නිමා කර නිවසට පැමිණි තම සැමියාගේ කිරි තේ එකට නිඳි පෙති කළවම්කර දී ඇති මෙම කාන්තාව එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායකයෙක් ලෙස සේවය කරන අනියම් සැමියා යැයි කියන අයට දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

Advertisement

දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර සිටි සෞඛ්‍ය කාර්ය සහයකගේ රුධිර සාම්පල් ලබාගෙන අධිකරණ වෛද්‍යවරයා මාර්ගයෙන් රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *