BREAKING NEWS
Search

ගෑස් මිළ පහලට

1891

ගෑස් ආනයනය කරන රටවල් ආශ්‍රිතව පවතින අර්බුද සමථයකට පත්වුවහොත් ලෝක වෙළඳ පොළේ ගෑස් මිළ පහළ යාමක් අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඒ අනුව එහි වාසිය මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ.

මේ අතර, අප්‍රේල් මාසය සඳහා ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමනු ලැබීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල 4,115ක් වේ.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කළ අතර, එහි නව මිල රුපියල් 1,652කි.

කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කළ අතර, එහි නව මිල රුපියල් 772ක වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *