BREAKING NEWS
Search

මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වෙලා

241

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට  හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් දුම්රිය ස්ථානයේ මහත් කලබලකාරී තත්ත්වයක් ඇති  විය.

බදුල්ල කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය අද (18) අලුයම 12.05 ට පමණ හැටන් දුම්රිය ස්ථානයට ළඟා වූ අතර , එම දුම්රියේ මැදිරි සියල්ල ම මගීන් ගෙන් පිරී ගොස් තිබිණි.

දෙවන සහ තෙවන පංතියේ මැදිරි සියල්ල ම පාහේ ප්‍රවේශ පත් ලබා ගත් මගීන් දුම්රියේ හිට ගෙන පවා ගමන් කිරිම නිසාවෙන් දුම්රියේ මැදිරි අතුරු සිදුරු නොමැතිව මගීන්ගෙන් පිරි තිබූ බව දුම්රිය බළධාරීහු පවසති.

හැටන් දුම්රිය ස්ථානයෙන් විශාල මගීන් පිරිසක් එම දුම්රිය ට ගොඩ වීමට පොරකමින් උත්සහ කිරිමත් සමගම දුම්රියේ තෙවන පංතියේ මැදිරි වල සිරවී සිටගෙන සිටි මගීන් සමඟ මෙම ගැටුම හටගෙන ඇත.

ඒ සමගම දුම්රිය ස්ථානයේ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගත් අතර , එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පැමිණ ගැටුම මැඩපැවැත්වීමට උත්සහ ගත්හ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *