Latest Articles
Search

සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා

137

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.

Advertisement

මියනකඳුර බූටාවත්ත පේළි නිවාසයක පදිංචි අවුරුදු හතරක් වයසැති දරුවකුට ඉකුත් (16) වැනිදා සීනි කරිඤ්ඤං පෙවීම නිසා දරුවා හිඟුරුකඩුව රෝහලට ඇතුළත්කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත.

Advertisement

දරුවාගේ මවුපියන් ඇතුළු පේළි නිවාසයේ පදිංචි පවුල් කිහිපයක් නීතිවිරෝධී මත් දියර පානයට ඇබ්බැහි වී සිටින අය වන අතර අසල්වැසි පේළි නිවාසයක කාන්තාවක දරුවාට සීනිකරිඤ්ඤං පොවන ලද බවට දරුවාගේ මව පොලීසියට පැමිණිලිකර අැත.

Advertisement

ඒ අනුව දරුවා රෝහල් ගතකර අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් ලබාගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *