Search

අධිකරණයට අපහාස කල හිරුනිකාට වැඩ වරදී

200

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුුවක චූදිතයකුට එම අධිකරණය මඟින් ඇප ලබාදීමේ සිද්ධියකට අදාළව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙමින් අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වී අධිකරණ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය බිඳ දමා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මැයි මස 08 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (17දා) නියෝග නිකුත් කර තිබෙනවා.

ඌව පළාත් ආණ්ඩුකාර එම්. මුසම්මිල්ගේ පුත්‍රයා වන හාඩි ජමල්ඩීන් විසින් ගොනු කොට තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නොතීසි නිකුත් කරනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *