BREAKING NEWS
Search

අ‘පුර ස්ථාන දෙකක මළ සිරුරු දෙකක්

119

මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් ප්‍රදේශයේ  ස්ථාන දෙකකදී  සොයාගත් බව අනුරාධපුර හා හිදෝගම පොලිසිය කියයි.

අනුරාධපුර නුවරවැව,වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබි එක් සිරුරක් හමුවී තිබු අතර අනෙක හිදෝගම,දිවුල්වැව දියේ ගිලි තිබියදි පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.

වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබු සිරුර ඉහළ මැටියාව,නොච්චියාගම පදිංචි කනත්ත ගමගේ ජගත් කුමාරගේ(47) නැමැත්තෙකු බව හඳුනාගෙන තිබූ අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද හඳුනාගෙන නැත.

ඔහුගේ සිරුර ඇද ඇතිරිල්ලක ඔතා ලණුවකින් ගලක් ගැට ගසා වැවට දමා තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *