BREAKING NEWS
Search

දෙලක්ෂ පනස් අටදහසකට දරුවන් එපා වෙලා

281

පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම  පසුගිය වසර දහයේදී  හතළිස් දහසකින් පමණ පහත බැස ඇතැයි   අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දරු උපත් ප්‍රමාණය  අඩුවීම  මේ තත්වයට ප්‍රධාන හේතුවක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

රජයේ පාසල් සදහා පළමු ශ්‍රේණියට  ඇතුළත් කෙරෙන  දරුවන්ගේ  සංඛ්‍යාව  ක්‍රමයෙන් අඩුවිමේ  තත්වයක් දක්නට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත නිරික්ෂණය කිරීමේදීද  පැහැදිලිවම පෙනී යයි. අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත වලට අනුව  2021  වර්ෂයේදි  පළමු ශ්‍රේණියට ඇතුළත්  කෙරුණු  සිසුන්ගේ සංඛ්‍යාව  304105කි.

පසුගිය 2022 වර්ෂයේදි පළමු  ශ්‍රේණියට  ඇතුළත්  කළ දරුවන්  සංඛ්‍යාව  292,216ක් දක්වා  11,889කින් අඩුවි ඇත

මේ අතර පවුල් සෞඛ්‍ය කාර්යංශයේ  දත්තවලට අනුව  2022 වර්ෂයේ දි  මෙරට පුද්ගලයින්  258,235 දෙනෙකු  පවුල් සැලසුම් සදහා යොමුවි තිබුණි.

මින් 30719 දෙනෙකු වන්ධ්‍යාකරණ සැත්කම්වලට යොමුවි තිබිණ. මෙම දත්ත අනුව පෙනි යන්නේ අලුත බැදපු ජෝඩු පවා දරුවන්   හැදිම  සිමාකොට ඇති බව යැයි ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවල සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *