අඟුලානේ ඇලක බිළිඳු මළ සිරුරක් මොරටුව, අඟුලාන, ලක්ෂපතිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එම ඇල මාර්ගය සුද්ද කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පිරිසක් අද (16) පෙරවරුවේ මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වනුයේ .
ඇලේ පාවෙමින් තිබූ පොහොර උරයක් ගොඩගෙන එය පරීක්ෂා කිරීමේ දී එම සේවකයින්ට මෙම මළ සිරුර හමුව ඇති අතර, පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඒ, අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇත.
වෙනත් පුවත්
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් මැදගොඩ
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.
ඒ අනුව බ්‍රිගේඩියර් මැදගොඩ මහතා අද සිට සිය රාජකාරි ආරම්භ කළේය.
බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මැදගොඩ මහතා 1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධවී ඇත.
බ්‍රිගේඩියර් මැදගොඩ මහතා කාලතුවක්කු බළකායට අනුයුක්තව රාජකාරී කළ අත්දැකීම් බහුල නිලධාරියකු වන අතර අවසන්වරට ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරියෙක් වශයෙන් කටයුතු කළේය.




















