BREAKING NEWS
Search

ලොව ළාබාලතම බිලියනපතිනිය වූ 19 හැවිරිදි සිසුවිය

138

ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් නම් කර තිබේ.

19 හැවිරිදි ලිවියා වොයිග්ට් 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව ඇතුළත්ව ඇති බව වාර්තා වේ.

ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් වේ.

ලිවියා වොයිග්ට් මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි.

ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම විශේෂත්වයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *