BREAKING NEWS
Search

උණුසුම්කාරී දේශගුණික තත්ත්වය හේතුවෙන් සති දෙකකට සියලුම පාසල් වසා දමයි

2347

අතිශය උණුසුම්කාරී දේශගුණික තත්ත්වයකට මුහුණ පා සිටින දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකක කාලයකට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා…

සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා..

පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් දකුණු සුඩානයේ රජය ජනතාවට දැනුම් දී ඇත්තේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත සෙල්සියස් අංශක 45කට වැඩි උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි..

එබැවින් රජයේ නියෝග පැහැර හැර විවෘතව තබන ඕනෑම පාසලක ලියාපදිංචිය අත්හිටුවන බවට අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *