BREAKING NEWS
Search

පෙම් පලහිලව්වට ගුරුවරියක් ඇයගේ යහළු ගුරුවරියට කල අපරාධය

328

පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇතැයි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වරයෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකාර ගුරුවරිය සන්තකයේ තිබූ පිහියක්ද සොයාගත් බව පොලිසිය සඳහන්කළේය.

මෙම ගුරුවරියන් දෙදෙනා පාසල් දෙදක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී ඊයේ (18) මැදියම් රැයේ අනෙක් ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවද පොලිසිය පැවසීය.

එම නිවැසියන් විසින් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 වෙත දැනුම් දී පොලිසියට බාර දුන් බවද පොලිසිය පැවසීය.

පෙම් පලහිලව්වක් මෙම අපරාධයට හේතුවී ඇති බවද අනාවරණය වී තිබේ.

බදුල්ල කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අපාරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *