BREAKING NEWS
Search

බිරිඳ වෙනුවෙන් සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කල ආදරණිය සැමියා

132

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොවියෙකු වූ ලී විල්සන් මහතා තම බිරිඳ සමඟ සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කර තිබේ.

කන්සාස් ප්‍රාන්තයේ ජීවත් වන ලී විල්සන් මහතා ඇමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ 50 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් තම බිරිඳව පුදුම කිරීම සඳහා ත්‍යාගයක් කල්පනාවට නොපැමිණි බවත් තම බිරිඳ බෙහෙවින් සූරියකාන්ත මල් වලට ආශා කිරීම හේතුවෙන් පුත්‍රයාගේ උදව් ඇතුව අක්කර 80 ක් පුරා සූරියකාන්ත වගා කළ බවත්ය.

එළඹෙන අගෝස්තු 10 වැනිදාට යේදී තිබෙන තම විවාහ සංවත්සරය වෙනුවෙන් පසුගිය මැයි මාසයේදී තම පුත්‍රයාගේ සහාය ඇතිව සූරියකාන්ත මල් වගා කිරීම ආරම්භ කළ බවත් මේ වන විට අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් හොඳින් වැඩී තිබෙන බවත් විල්සන් මහතා පවසා ඇත.තමාගේ සහ තම පුත්‍රයාගේ මහන්සිය ඵල දරමින් අක්කරයකට සූරියකාන්ත මල් 15000 ක් පමණ වැඩී තිබෙන බව විල්සන් මහතා පෙන්වා දී තිබේ.

තම බිරිඳ ආශා කරන දෙයක් තම 50 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ත්‍යාග කිරීමට තරම් තමන් වාසනාවන්ත වූ බවත් ඒ පිළිබඳ සිතට සතුටක් දැනෙන බවත් විල්සන් මහතා පවසා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *