උතුරු චීනයේ රොක් සංගීත ප්‍රසංගයක් අතරතුර සිය කලිසම ගලවා පහතට දැමූ ගායකයකු බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ කලිසම ගලවා ඇත්තේ, Violent Shampagne සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා බව වාර්තා වෙයි.
චීන සමාජ මාධ්‍යවල මෙම වීඩියෝ පටය ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර, ඉකුත් සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින්, Shijiazhuang නගරයේ ප්‍රාදේශීය සංස්කෘතික කාර්යාංශය පවසා ඇත්තේ, සැකකරු සමාජ සදාචාරයට හානි කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර, සංදර්ශන සංවිධායකට ඩොලර් 28,000ක දඩයක් සහ ප්‍රසංග පැවැත්වීම අත්හිටුවා ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
වසර ගණනාවක් කොවිඩ් වසංගත හේතුවෙන් චීනය අගුලු දැමුණු නමුත් මෑතක දී සජීවී සංගීත සංදර්ශන නැවත ඇරඹීම ගැන චීනයේ සංගීත ලෝලීන් පසුවූයේ දැඩි සතුටකිනි.
නමුත් පිළිගත නොහැකි, සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යන බව පෙනෙන ඕනෑම දෙයක් පිළිබඳ බලධාරින් විමසිල්ලෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ දැරීම ගැන ට්‍රම්ප්ට අධිචෝදනා
2020 අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවය.
නිල ක්‍රියාවලියකට බාධාකිරීම හා කුමන්ත්‍රණය, පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රණය ආදී චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබේ.
කෙසේ වෙතත් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලු චෝදනා ප්‍රතිෂේප කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අදාළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තවත් නම් නොකළ පුද්ගලයින් හය දෙනෙකුට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනුකර ඇති බවද සඳහන්ය.


















