BREAKING NEWS
Search

අමුතු උණකින් ගුරුවරිය මියයයි

617

පැහැදිලිව හදුණා ගත නොහැකිවූ උණ රෝගයක් හේතුවෙන් මියගිය යාපනයේ පාසල් ගුරුවරියකගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (01දා) විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

යාපනයේ උරුමොපිරායි ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන සුගන්ධන් ජාන්සි නැමති මෙම පාසල් ගුරුවරිය දින තුනකට වඩා වැඩි කාලයක් උණ රෝගයෙන් පෙළුණු නිසා පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ද ප්‍රතිකාර ලබාගෙන ති්බිණි.

එහෙත් ඇයට උණ රෝගය සුව නොවූ නිසා ප්‍රතිකාර ලබා ගැනීම සදහා යාපනයේ තෙලිප්පලෙයි රෝහලට ගොස් තිබේ.

රුධිර පරීක්ෂණයකින් පසුව ඇයව රෝහලට ඇතුළත් කරගෙන ඇති අතර එහි දිනක් ප්‍රතිකාර ලබමින් සිටියදී තත්ත්වය බරපතල වූ බැවින් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.

ගුරුවරිය මියගොස් ඇත්තේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේය.

එල්පීඑල් ජාත්‍යන්තරයට හොඳ පණිවුඩයක් දෙනවා – සංචාරක ඇමැතිගෙන් සහතිකයක්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *