Latest Articles
Search

ගෝල්ෆේස් භූමියට වුණු හානිය අරගළකරුවන්ගෙන් අය කර ගන්නවා – ප්‍රසන්න රණතුංග

115

ගෝල්ෆේස් භූමියේ රැඳී සිටි අරගළකරුවන් නිසා එම ස්ථානයට සිදු වූ හානිය ඔවුන්ගෙන් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

Advertisement

අරගළය පැවති භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් පිරිසක් නඩු පැවරීමට කටයුතු කර තිබෙන අතර, ඒ අනුව මෙම හානිය පිළිබඳ සම්පූර්ණ වන්දි මුදලක් මොවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බව යි ප්‍රසන්න රණතුංග සඳහන් කරන්නේ.

Advertisement

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති මෙම ස්ථානයෙන් අරගළකරුවන් ඉවත් කරනු ලැබුවේ රටේ පවතින නීතියට අනුව වන අතර, කිසිවෙකුට රාජ්‍ය දේපොළ බලහත්කාරයෙන් අයිති කර ගැනීමට නො හැකි බවත් අමාත්‍යවරසා සඳහන් කරනවා.

Advertisement

මෙලෙස වන්දි මුදල් අය කර නො ගන්නවා නම්, පසුකාලීන ව අමාත්‍යාංශ නිලධාරින් ගැටලුවලට මුහුණ දෙන බවත් එවැනි අර්බුදයකට තම නිලධාරින් පත් කිරීමට තමා කටයුතු නො කරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කර යි.

Advertisement

ඒ අනුව මේ සිදු වූ හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරුවක් හා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හා ඒ සඳහා ගත යුතු නීතිමය පියවර මොනවා ද යන්නත් තමා වෙත දන්වා සිටින ලෙස යි අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *