BREAKING NEWS
Search

බස් ‍ – ලොරි ගැටී 20ක් රෝහලට

620

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අද (9) අළුයම ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

කොලඹ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක් සහ අක්කරපත්තුවේ සිට කොළඹ දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙම පිරිස අතර ලොරි රථයේ රියදුරු සහ ලංගම බස් රථයේ රියදුරුද සිටින බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් නවගමුව සහ හෝමාගම යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

Source : lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *