BREAKING NEWS
Search

නෝනා සතුටු කරන්න ගිහින් කාපුවා දිරවගන්නත් බැරි වෙලා

319

නෝනා සතුටු කරන්න ලොකු හෝටලයක කෑමට ගොස් එහි දර්ශන මුහුණු පොතට දැමීමෙන්  ගත්ත පරණ ණයක් ප්‍රසිද්ධියට පත්ව අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.

සිය බිරිඳ ලොකු හෝටලයකට කෑමට රැගෙන ගියේ ලොකු අදහසක් සිතේ තියාගෙනය. නෝනා  දරුවන් සමග ලොකු හෝටලයකින් කෑම කෑමට දැක්වූයේ නොතිත් ආශාවකි. දැඩි කැමත්තකි. ඇය සතුටු වන්නේ නම් ඔහුගේ කල්ල මරේය.

පස්වනක් ප්‍රිතියෙන් පිනා ගිය නෝනා හෝටලයේ කෑම කන අයුරු මුහුණු පොතට එකින් එක දැම්මේ ඇයගේ සනුහරේ අයට හා මිතුරු මිතුරියන්ට පේන්නත් එක්කය. උජාරුවටය. කතා නායකයාත් ඔන්න ඔහේ වගේ වගක් නැතිව බලාගෙන සිටියේ නෝනාගේ සතුටෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටය.

මේ දර්ශන පෙළ මුහුණු පොතට දැමීමත් සමග ඔවුනගේ සමීපතමයෝ ඒ හා සම්බන්ධ වෙමින් විවිධ විවිධ දේ ඊට එක් කළහ. එයින් ද නෝනා ලැබූවේ ලොකු සතුටකි.

මේ අතරේ ඔහුගේ මිතුරෙක් හොඳට කෑවට බිව්වට කමක් නෑ අර මට එන්න තියෙන මුදල් ටික ගෙව්වානම් කියමින් මුහුණු පොතට දැම්මේය. ඒ විතරක්ම නොවේ ගත්ත ණය මුදල හා කාලයද එහි සඳහන් කර තිබුණේය.

මෙය දුටු නෝනාට දවල් තරු ​පෙනුණි. මේ දේ ඒ අවස්ථාවේ මුහුණු පොතේ සිටි අය දකිනු ඇතයි සිතූ නෝනා හරි හැටි කෑමත් නොකා දරුවනුත් රැගෙන හෝටලයෙන් පිටවූයේ ඔහුට දෙහි කප කපා ඔහු තනිකරමින්ලු‍.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *