ලයිට් කණුත් බිමට පතිත වූ බිහිසුණු දුම්රිය අනතුරක්

413
අඹුසැමි යුවළ ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටෙයි…
අඹුසැමි යුවළක් ගමන් ගත් මෝටර් රථයක් නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය අසල දී දුම්රියක ගැටී තිබේ.
අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.
පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේම පදිංචි එම යුවළ දානමය පින්කමක් සඳහා අද (21) අලුයම දිඹුලාගල බලා යාම සඳහා නිවසින් පිටව විනාඩි කිහිපයක් පමණ ගත වෙද්දී එම අනතුරට මුහුණ දී තිබේ.
අවිස්සාවේල්ල සිට කොළඹ බලා ගමන්ගත් දුම්රිය පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය අසල දී එලෙස අනතුරට ලක්ව ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *