Latest Articles
Search

පාසලකට රිංගූ පිස්සු බල්ලෙක් සිසුන් පිරිසක් සපා කාලා

284

දොඩම්ගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ දින හතක් පමණ රැඳී සිටි ජලභීතිකා ආසාදිත සුනඛයකු ළමුන් සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු සපා කා ඇති බැවින් එම සුනඛයින් ඝාතනය කිරීම සහ එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බව දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Advertisement

දොඩංගොඩ අඹගහකුඹුර ප්‍රදේශයේ ළමයෙකු සමගින් පාසලට පැමිණ ඇති සුනඛයා දින 7 ක් පමණ පාසල තුළ රැඳී සිට ඇති බවත් එහිදී ළමුන් පිරිසක් සපාකෑම් සහ සීරීම්වලට ලක්ව ඇති බවත් සඳහන් වේ.

Advertisement

ඒ අනුව පාසලේ සේවකයෙකු විසින් සත්වයා අදාල නිවසට රැගෙන ගොස් භාරදී ඇති අතර, ඊට දින දෙකකට පසු සුනඛයා මියගොස් තිබේ.

Advertisement

පැවති සැකය මත සුනඛ හිස කොළඹ සෞඛ්‍ය වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා පරීක්ෂා කිරීමේදී ජලභීතිකා රෝගය ආසාදිත වී ඇති බවට තහවුරුව තිබේ.

Advertisement

ඒ බව දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් අදාළ විදුහල වෙත දැනුම් දී ඇති අතර, සුනඛයාගේ සපා කෑමට හෝ සීරීමට ලක්වූ සිසුන් වේ නම් ඉතා ඉක්මනින් ළඟම ඇති ප්‍රධාන රජයේ රෝහලට ගොස් එන්නත්කරණය සිදුකරවා ගන්නා ලෙස ලිඛිතව දැනුම්දී ඇත.

Advertisement

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුගත් බුද්ධික නිරිඇල්ල මහතා මෙසේ පැවසීය. එම සුනඛයාට ජලභීතිකා රෝගය ආසාදිතවී ඇති බවට තහවුරුව තිබෙනවා. සත්වයාගේ සපාකෑමට හෝ සීරීමට ලක්ව ඇති ළමුන් සිව්දෙනෙකු සහ වැඩිහිටියෙකු ප්‍රතිකාර සදහා යොමුකළා. තවත් සපාකෑම් හෝ සීරීමවලට ලක්වූ අයවලුන් වේ නම් ළඟම ඇති ප්‍රධාන රජයේ රෝහලට වාර්තා කර මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා එන්නත් කරවා ගන්නා ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දුන්නා. එයට අමතරව ප්‍රදේශයේ සුනඛයින් එන්නත් කිරීම සහ මියගිය සුනඛයාගේ සපාකෑමට ලක්වූ සුනඛයින් ඝාතනය කිරීම පොලිසිය සමග එක්ව ආරම්භ කළා යනුවෙන් ද පැවසීය.

Advertisement

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

Advertisement

(divaina)

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *