BREAKING NEWS
Search

ත්‍රිපෝෂ ගැන එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

129

ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අධි ප්‍රමාණයෙන් පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ, රට පුරා සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිහිප දෙනෙකුගෙන්ද තමන් මේ සම්බන්ධයෙන් විමසීමක්ද සිදු කළ බවයි.

කෙසේ වෙතත් ත්‍රීපෝෂ ලබා නො දෙන ලෙස කිසිදු බලධාරියෙකු සිය නිලධාරිනියන්ගෙන් ඉල්ලීමක් කර නොමැති බව ද ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියා.

ත්‍රිපෝෂ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඇෆලටොක්සීන් අඩංගු බඩඉරිඟු ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ අනුව අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ත්‍රිපෝෂ කර්මාන්තශාලාව නවීකරණය කිරීම සඳහා ඩොලර් මිලියන දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන බවට පෞද්ගලික අංශ පොරොන්දු වී ඇති බවද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් කියා සිටියා.

Source: Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *