BREAKING NEWS
Search

දිල්ෂාන් සහ කුසල් දකුණු අප්‍රිකා විස්සයි ක්‍රිකට් ලීගයේ දී වෙන්දේසි වෙයි

455
ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත එරට විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේ දී මෙරට ක්‍රීඩකයන් වන දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස් අලෙවි වී තිබෙනවා.

කේප් ටවුන් නගරයේ දී ඊයේ (19) මෙම වෙන්දේසිය පැවැත්වුණු අතර, කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 85කට සහ දිල්ෂාන් මධුසංක රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදලකට අලෙවි වුණා.

කණ්ඩායම් හයක් මෙම තරගාවලියට එක්වන අතර, මෙම වෙන්දේසියේ දී වැඩි ම මුදලකට අලෙවි වුණේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස්ටන් ස්ටබ්ස්.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු විස්සයි විස්ස කණ්ඩායමේ නායක ටෙන්බා බවුමා සහ ටෙස්ට් කණ්ඩායමේ නායක ඩීන් එල්ගාර් කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගැනීමට ඉදිරිපත් නො වීම විශේෂත්වයක්.

Source : Hirunews



Leave a Reply

Your email address will not be published. Required fields are marked *