BREAKING NEWS
Search

විජිත හේරත් පිල මාරු කරයි

406

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාව සමඟ එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන විජිත හේරත් මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු වගකීම්වලින් ඉවත් වී නිදහස ජනතා සභාව හා එක් වී ඇති බව සඳහන්.

අද (19) නාවල තුන් වැනි පටුමඟ කාර්‍යාලයේ දී ජී.එල් පීරිස්, ඩලස් අලහ්ප්පෙරුම ඇතුළු මංත්‍රී කණ්ඩායම හමු වී, විජිත හේරත් නිදහස ජනතා සභාවට සහාය දැක්වීමට සිය එකගතාව පළ කළ බව යි වාර්තා වන්නේ.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *