ක්‍රිකට් ජයග්‍රහණයෙන් උද්දාමයට පත් කාන්තන්කුඩි හා කල්මුනේ ජනයා

191

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (11) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණේ, ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලංකේය ක්‍රිකට් ලෝලින්ට ඇදහිය නො හැකි ප්‍රීතියක් අත් කර දෙමින්.

අවසන් මහා තරගය පැවැත්වුණේ, ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර යි.

එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 23ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා.

අවසන් මහා තරගය නැරඹීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව ජනාකීර්ණ ස්ථානවල සවි කළ පුළුල් තිර අසලට එක් රොක් වී සිටියා.

එසේ එක් රොක් වූ ස්ථාන අතරට කාන්තන්කුඩි හා කල්මුණේ නගර ද ඇතුළත්.

ජාතිවාදය තුළින් දශක ගණනාවක් ගිනි ගත් රටක් වන ශ්‍රී ලංකාව තුළ කලක පටන් පැතිර තිබූ මතයක් වන්නේ, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගයක දී මුස්ලිම් සහෝදරයන් පාකිස්තාන ජයග්‍රහණය අපේක්ෂා කරනවා යන මතය යි.

නමුත් එය හුදෙක් ම ජාතිවාදී හා අවස්ථාවාදී මජර මිනිසුන් නිර්මාණය කළ පට්ටපල් බොරුවක් ලෙස මනා ව සනාථ කිරීමට කාන්තන්කුඩියේ හා කල්මුනේ මුස්ලිම් සහෝදරයන්ට ඊයේ හැකි වුණා.

ඔවුන් සියලු දෙනා ම එක හඬින් කෑ කොක්සන් නඟමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය දැක ප්‍රීති වුණේ, ‘අපි වෙමු එක මවකගේ දරුවෝ’ යන්න සිහි ගන්වමින්.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *