එහි ගිය ඔවුහු නෑදෑ පිරිසෙන් සමුගෙන කාමරයට ගිය අතර මනාලිය නාන කාමරයට ගියාය. ඇයට විහිළුවක් කිරීමට සිතා මනාලයා නාන කාමරයේ දොර අරිද්දි බියපත්ව මනාලිය කිසිත් සිතාගත නොහැකිව වැරෙන් දොර වැසුමෙන් මනාලයාගේ දකුණු අතේ ඇඟිලි දෙකක් දොරට තද විය.
ඔහුට දෙවියන් සිහි වෙද්දී අනතුර තේරුම් ගත් මනාලිය වහා දොර විවෘත කළාය. පසුව ඔහුට ප්රතිකාර ලබා දුන්නත් පසුදා දෙවැනි ගමනේදී මනාලයාගේ අතෙහි වූ වෙලුම් පටි දුටු බොහෝ දෙනා ඒ ගැන විමසීම ඔවුන් ලැජ්ජාවට පත් කරන සිදුවීමක් වුණාලු.
Source: Lankadeepa

















