BREAKING NEWS
Search

පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුට බාර දුන් උතුම් කොන්දොස්තර මහතා සහ රියැදුරු

3085

හක්මන තිස්සමහාරාම බස් රථයක කොන්දොස්තර මහතා සහ රියැදුරු මහතා  තිස්ස මහා රහම බස් බස්නැවතුම්පල ආසන්නයේදී මඟ වැටී සිටියදී අහුලා  ගත්  රුපියල් ලක්ෂ පහමාරක් සහ ජංගම දුරකථනයක් එහි අයිතිකරු සොයා භාරදීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මුදල් පසුම්බිය අහුලාගෙන ඇත්තේ තංගල්ල ඩිපෝවේ සේවය කරන ටී ජී බන්දුලසේන නැමැති බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තර මහතා සහ එච්. එම්. කුලසිරි යන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි රියදුරු මහතා බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

තිස්සමහාරාමේ හෝටලයක කළමනාකාරවරයා  බැංකුවක මෙම මුදල් තැන්පත් කිරීම සඳහා යතුරුපැදියෙන් රැගෙන යන අවස්ථාවේ මෙම මුදල් පසුම්බිය ජංගම දුරකතනය සමඟ වැටී ඇති බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිලි කර ඇත.

පසුව එම ජංගම දුරකතනය සමඟ සම්බන්ධ වී එම මුදල් පසුම්බිය තිස්සමහාරාම බස් නැවතුම්පොළ ආසන්නයේ දී අහුලා ගත් බවත් බස් රථය මේ වනවිට තංගල්ල ප්‍රදේශයට ගමන් කරන බවත් තංගල්ල ඩීපොවට පැමිණ මුදල පසුම්බිය භාරගන්නා ලෙසත් පවසා ඇත.

ඒ අනුව තිස්සමහාරාම පොලීසිය අයිතිකරු සමග තංගල්ලේ ඩිපෝවට ගොස් පැය තුනක පමණ කෙටි කාලයකින් මුදල් පසුම්බිය හිමිකරුට පොලිසිය ඉදිරියේ භාරදීමට කටයුතු කල බව තතිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

Source : Lankadeepa (අමිල සම්පත් ශ්‍රී) 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *