BREAKING NEWS
Search

අරගලයට මුවා වී 80ක් රට පැනලා

138

අරගලය අතරේ විවිධ  ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ගවලින් පැවසේ.

විදේශයන්ට පලා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ දිනවල විශේෂ සෙවිල්ලක පසුවෙයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් ඇතුළු ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහායද ලබාගෙන ඇත.

සමහරුන් විදේශයන්ට ගොස් ඇත්තේ විවිධ තර්ජනඇති බවට තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් යැයි දැනගන්නට ඇත.

ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළුවී සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හරින ලදැයි කියන කෝටිපති ව්‍යාපාරිකයකු අප්‍රිකාවට පලාගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

ඔහු මෙසේ විදේශයට පලා ගොස් ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමත් සමගය.

මේ අතර අරගලයට සම්බන්ධ තවත් 200කට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා තානාපති කාර්යාලවල රැකවරණ පතා ඇතැයිද වාර්තා වේ.

ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා විනාශ කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් තිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.

Source:නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ

               Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *