තොග වෙළෙඳුන්ට බිත්තරයක් රුපියල් 46කට

193

ගොවිපොළට පැමිණෙන තොග වෙළෙඳුන් වෙනුවෙන් බිත්තරයක් රුපියල් 46කට අලෙවි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ මේ වනවිට බිත්තර අලෙවිය අඩාල වී ඇති බවයි.

නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කරන තෙක් බිත්තර නිෂ්පාදකයින් වෙනුවෙන් සහන සලසන්නැයි රජයෙන් ඉල්ලා ඇති බව ද ඔහු පැවසුවේ ය.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *