BREAKING NEWS
Search

අර්ජුන ආපු ගමන් වැඩ පටන් ගනී. ක්‍රිකට් බෝඩ් එකේ හත් දෙනෙකුගේ රට සවාරියක් නවත්වයි

196

රුපියල් කෝටි ගණනක් වැය කර විදේශ සංචාරයක නිරත වීමට සූදානම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකුගේ ගමන  අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේ බව පැවැසීය.

ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් හත් දෙනෙක් විදේශ රටක විනෝද චාරිකාවක් යාම සඳහා අනුමැතිය ඉල්ලා තිබුණා. එහිදී ඒ අයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකක් පත් එසේම ඒ යන රටවල්වල නැවතීම සඳහා ඉහළම හෝටල්වල නැවතීමේ පහසුකම් සමග ඔවුන්ට දිනකට ඩොලර් 650ක් ගෙවීමට නියමිතව තිබුණා. අපි ක්‍රීඩා සභාව හැටියට ඊට විරුද්ධ වුණා. මේවා නවත්වනකොට අපිට ප්‍රශ්න එනවා. මම මෙතැනට ආවේ හරි දේ කරන්න.

Source:mawratanews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *