BREAKING NEWS
Search

QR කේතයට අදාළව බලශක්ති අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

318

තමන්ට හිමි ජාතික ඉන්ධන අවසර පතට අදාළ QR  කේතය වෙනත් පාර්ශවයකට ලබා ගත හැකි පරිදි ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

අමාත්‍යංශය සඳහන් කළේ, එසේ ප්‍රදර්ශනය කරන QR  කේත ඡායාරූපගත කර වෙනත් පාර්ශවයන් ඉන්ධන ලබාගත් අවස්ථා වාර්තා වී ඇති බවයි.

එබැවින් තමන් දැනට භාවිත කරන QR කේතය අවලංගු කර ඒ සඳහා නව කේතයක් ලබා ගැනීමට මේ වනවිට පහසුකම් සලසා ඇති බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන ලබාගැනීම සඳහා මේ වනවිට 53 ලක්ෂ 98 දහස් 63 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *