BREAKING NEWS
Search

කොච්චර රඟපෑවත් වැඩක් නෑ ප්‍රේක්‍ෂකයො මට ආදරය කළේ නැත්නම්- ආදරය ගැන වත් හිතන්න බැරි තරම් කාර්ය බහුල නුඩ්ල්ස් කොන්ඩ හැඩකාරී

283
නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක් වන සුධීක්‍ෂා සමාධි මේ වන විට ප්‍රේක්‍ෂකයන් අතර බොහොම ජනප්‍රිය චරිතයක්. ඇයගේ  කර්ලි කොණ්ඩය ඇයටත් වඩා ජනප්‍රිය බවයි සුධීක්‍ෂා කියන්නෙ. හිරු නාලිකාව ඔස්සේ මේ දිනවල විකාශය වන ‘දිවිතුරා” ටෙලි නිර්මාණයේ රිහානාගේ චරිතයට පණ පොවන්නේ සුධීක්ෂායි.
ඇය සතිඅන්ත පුවත්පතකට ඇගේ පෞද්ගලික තොරතුරු පවසා සිටියේ මෙසේයි.

කෙටි කාලයකින් ලැබුණ ජනප්‍රියත්වය කොහොමද ඔබට දැනෙන්නෙ?

ඒ ලැබුණු ජනප්‍රියත්වය ගැන නිහතමානීව සතුටු වෙනව. මම කොච්චර රඟපෑවත් වැඩක් නෑ ප්‍රේක්‍ෂකයො මට ආදරය කළේ නැත්නම්. ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි.

ඔබේ කොණ්ඩය ගැන බොහෝ දෙනා කතා වෙනව?

මං හිතන්නෙ ඒක මට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියල. මටත් වඩා මගෙ කොණ්ඩය ප්‍රේක්‍ෂකයන්ගෙ ලොකු අවධානයක් ගන්න සමත්වෙලා තියෙනව.

චරිතයක් වෙනුවෙන් කපන්න වුණොත්?

ඒ ගැන නම් දෙපාරක් හිතන්න වෙනව. ඒ වෙනුවෙන් නිසි මුදලක්, නිසි අගැයීමක් ලැබෙනව නම් මම ඒ දේ වුණත් කරන්න සූදානම්. නමුත් මම හිතනව ලංකාවේ කලාව තුළ එවැනි ලොකු තීරණයක් ගත්තත් ඒ වෙනුවෙන් නිසි වටිනාකමක් ලැබෙන එකක් නැහැ කියල.

මේ වන විට ලැබෙන වටිනාකම ගැන සෑහීමකට පත්වෙනවද?

මෙහෙමයි, අපි අපි වෙනුවෙන් ඉල්ලන වටිනාකම ලැබෙනව. ඒ වෙනුවෙන් පෞද්ගලිකව මම සතුටු වෙනව. එතනින් එහාට ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

ආදර යෝජනාත් එනව?

ඔව්, ආදර යෝජනා එනව. නමුත් මගේ කාර්යබහුලත්වයත් එක්ක ඒ ගැන හිතන්නත් වෙලාවක් නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *