Latest Articles
Search

මම හරිම ආසයි ලස්සනට අඳින්න. ලස්සනට ඉන්න-සුරංගනාවියක් වගේ ලස්සන ෂෙරිල් ඩෙකර්

204

ශෙරිල් ඩෙකර්රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් ලෙස ඉතාම කෙටි කාලයකදී දිගු ගමනක් පැමිණි, සොඳුරු යුවතියක්.  ජනප්‍රිය ගායක රුවන්  හෙට්ටිආරච්චි ගේ ආදරණීය බිරිඳයහැමදාමත් අලුත්ම ආකාරයේ විලාසිතා කරන ෂෙරිල් සමග  අපි මෙවර ෆැෂන් පිටුව සරසන්නේමු.

Advertisement

විලාසිතා කරන්න  ගොඩක් කැමති කෙනෙක් ඔබ ?

Advertisement

අම්මෝ ඔව් .මම හරිම ආසයි ලස්සනට අඳින්න. ලස්සනට ඉන්න .

Advertisement

මම හිතෙනවා හිසකෙස් වල සිට පාදයෙ නියපොතු  දක්වාම පිළිවෙල,  පිරිසිදු කම කියන දේ තිබිය යුතු යි අප කරන   විලාසිතාවෙ ලස්සන  ඉස්මතුවී පේන්න නම් .

Advertisement

ඔබ කරන විලාසිතා හරිම අන්කොමන් ?

Advertisement

මම හරිම ආසයි ඉතාලි ජාතික කන්තාවන් කරන  විලාසිතාවලට .ඒවා හරිම ලස්සනයි ….ඒ වගේ ම නිතර දකින්න ලැබෙන්නෙත් නැහැ .මම යන්න ආසම රටත් ඉතාලිය. එහේ ගියහම ගොඩක් ඇඳුම් මම ගේනවා .චාම් බව, සරල බව වගේම ඇඟට සුවපහසු වත්  , වටිනා පෙනුමකුත් කියන මේ හැම දේම ඉතාලියානු  විලාසිතාවල අන්තර්ගතයි.

Advertisement

විලාසිතා කියන දේ නිර්වචනය කරන්න කිව්වොත්  ?

Advertisement

මම නම් හිතන්නේ විලාසිතා කියන්නේ මම ආසම දේ ,ආසම විදිහට අඳින එකට. කවදාවත් කා ගැනවත් හිතලා විලාසිතා මම කරලා නැහැ . දිගට අඳිනවද, කොටට අඳිනවද, ඇඟ පේන්න අඳින වද ,ඇඟ වැහෙන්න අඳිනවද කියන මේ හැමදේම තීරණය කරන්නේ මම.  කවුරු මොනවා කිව්වත් මම නම් විලාසිතා කරන්නේ මම කැමති විදියට විතරයි.

Advertisement

ඔබ කැමති ම විලාසිතාව?

Advertisement

සාමාන්‍ය ගමනට නම් පහසු  නිසා මම ආසම ඩෙනිමයි, ටී ෂර්ට් එකටයි.  පාටි වලට මංගල උත්සව වලට නම් සාරි, දිග ගවුම්  වගේ අඳින්න ආසයි.

Advertisement

කැමතිම පාට?

Advertisement

මොන පට ඇඳුම ඇන්දත්  ලස්සනයි. නමුත් වැඩිපුරම මට ඇඳුම් තියෙන්නේ කළු පාටින් .  කළු පාටට තමයි ගොඩාක්ම කැමති.

Advertisement

ඔබ විලාසිතා කිරීමේ දී ගැලපීම ගැන සැලකිලිමත් වන්නේ කොයි විදිහටද ?

Advertisement

මාව දකින ගොඩක් අය කියන්නෙ මම නියපොත්තේ ඉඳලා ම මැච් කරන කෙනෙක් කියලා… ඇත්තටම ඔව්….මම හරිම ආසයි පිලිවෙලට ,නීට් එකට අඳින්න.  කොණ්ඩෙ සකස් කරන විදිහ ,මේකප් එක දාන විදිහ ,සපත්තු සෙරෙප්පු දාන විදිහ ගැන ඉඳලම මම ගොඩක්ම සැලකිලිමත් වෙනවා ,තව දෙයක් තමයි මම හරිම ආසයි ජුවලරි වලට ….ඇඳුමට ගැළපෙන විදිහට පුංචි  පුංචි විච්චූරණ ජුවලරි දානවා.

Advertisement

ඔබ ජීවිතයේ ලස්සනටම සැලසුණු දවස ?

Advertisement

මොන ඇඳුම ඇන්දත් දකින හැමෝම ලස්සනයි ”කියනවා.  අගය කරනවා. කොහෙන් ද  ගත්තෙ කියල අහනව. නමුත් මගේ මතකයේ තියෙන මම ලස්සනටම සැරසුණු දවස තමයි මම මනාලියක් උන දිනේ දී සැරසුණු විදිහ…..අම්මෝ එදා මම ගොඩාක් ලස්සනයි.

Advertisement

කෙනෙක් ඔබ කරන විලාසිතාවක් අගය කලහම මොන වගේ හැඟීමක්ද හිතට දැනෙන්නේ?

Advertisement

වචනයෙන් කියන්න බැරි තරම් හිතට ලොකු සතුටක් දැනෙනවා ඒ හැම වෙලාවකම මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මට මේ හැමදේම ලබා දුන්නාට ඒ වගේමයි මා අගය කරන හැම කෙනෙකුවම මමත් අගය කරනවා. ඒ අයට ස්තුති කරනවා …” ඔයාත් ගොඩක් ලස්සනයි කියලා”

Advertisement

මම  ඒ අයට  කට පුරාම කියනවා .මේ ලෝකෙ ඉන්න හැමෝම හරිම ආසයි ලස්සනයි කියන වචනය අහන්න ….ඇත්තටම දකින ලස්සනක් නිර්ලෝභීව ප්‍රකාශ කරන්නෙත් හදවත ගොඩක් ලස්සන අය ඒ හැමෝටම මමත් ගොඩක් ආදරෙයි…..පුංචි වචනයකිනුත් , පුංචි අගය කිරීමෙන් ,අපිට ලොකු දේවල් කරන්න පුළුවන්…

Advertisement

ඇඳුමකින් කෙනෙකු මනින්න පුලුවන්ද ?

Advertisement

බැහැ .අපි හැමෝම අදින්නේ, විලාසිතා කරන්නේ අපිට තියෙන විදිහට .ඒ නිසා කරන විලාසිතාවකින් කෙනෙක් මනින්න බැහැ. එහෙම මිනිස්සු වර්ග කරනවා නම් ඒකත් වැරදියි.ජාතිය ආගම කුමක් වුනත් අපි හැමෝම මිනිස්සු මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ම ලස්සනයි. එච්චරයි මම නම් දකින්නේ.

Advertisement

විලාසිතාවක් කිරීමෙන් ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා කියලා විස්වාස කරනවද?

Advertisement

ඔව්.ලස්සනට  ඇන්දහම පුංචි ආත්ම අභිමානයක්, ආත්මවිශ්වාසයක් , වගේම ලොකු සතුටකුත් හිතට දැනෙනවා.

Advertisement

පුංචි කාලේ ඉඳලම විලාසිතා කරන්න කැමති කෙනෙක් ද ඔබ?

Advertisement

පුංචි කාලේ තිබුණු ආර්ථික මට්ටමත් එක්ක අපිට දකින දකින විලාසිතා කරන්න නම් දෙමාපියන්ට ශක්තියක් තිබුණෙ නැහැ . නමුත් ඔවුන් තියෙන විදිහට අපිට ලස්සනට, පිරිසිදුව ,පිළිවෙලට ඇන්දුවා. මට මතකයි අක්කවයි ,මාවයි වැඩිපුරම අම්මා ඇන්දුවේ කොල්ලෝ දෙන්නෙක් විදියට. කොන්ඬේ කොටට කපලා තිබුණේ .ඒ අතීතය ඇත්තටම සුන්දරයි.

Advertisement

විලාසිතා කරන්න ගිහින් පුංචි පුංචි අකරතැබ්බ වෙලා තියෙනවා ද ?

Advertisement

තියෙනවා …තියෙනවා…. ගොඩක් දවසට සාරිය ඇන්දහම කකුල පැටලිලා වැටෙනවා. ලඟදිත් සාරිය ඇඳලා එහෙම වැටුනහම රුවන් හොඳටම බය වෙලා..  මම නං හොඳටම හිනාවෙවි හිටියේ.. ඔය වගේ සාරිය පැටලිලා වැටෙන ඒවා ,සපත්තුවල අඩි ගැලවෙන ඒවා ,වගේ දේවල් නම් නිතරම වෙනවා.

Advertisement

අසුන්තා එදිරිසූරිය

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *