මගේ කලා ජීවිතයේ වසර 36ක් ඔබ සමඟ රඟන්නට, මම පින්වන්තියක් වුණා ! ජැක්සන් අයියේ- ජැක්සන් ඇන්තනී ගැන යශෝධා ලියූ ඇහැට කඳුළක් උනන සටහන මෙන්න

366

පසුගිය දිනෙක අනතුරකට ලක්වුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජාතික රෝහලේ දැඩි සත්කාරයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුගේ තත්ත්වය පෙර පරිදිම බවත්, තවමත් මැෂින් ආධාරයෙන් ඔහු සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර, ජැක්සන් වෙනුවෙන්, ජැක්සන්ට ඉක්මණ් සුව පතා ඊයේ දිනයේ කලාකරුවන් බොහෝ දෙනෙක් සිය නිවෙස්වල පහන්සිළු දැල්වූවා.

එමෙන්ම,
ජැක්සන් ගැන මතක ආවර්ජනයක යෙදෙමින්, ප්‍රවීණ නිළි යශෝධා විමලධර්ම සංවේදී සටහනක් මුහුණු පොතේ පළ කර තිබුණා.

ආදරණීය ජැක්සන් අයියේ,
මගේ කලා ජීවිතයේ වසර 36 ක් පුරා ඔබ හා රඟන්නට ඔබ ඇසුරේ ගුරැහරැකම් ලබන්නට තරම් මා පින්වන්තියක උනා.
සංසාරය පුරා මා කළ පින් ,මගේ දෙමව්පියන් කළ පින් ,මේ ඇවැසිම නිමේෂයේදී ඔබට ලැබේවා.විශ්ව ශක්තියේ නාමයෙන් සොබාදහමේ මහිමයෙන් තෙරුවන් සරණින් ඔබ ඉක්මනින් සුවපත් වේවා.
ඔබ සිංහයෙකු සේ නැවත ඔබේ ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණෙන බව මම දැඩි ලෙස විශ්වාස කරමි.
ඔබට නිදුක් නිරෝගී බව ඉක්මනින් ලැබේවා .
ඔබට ආයු බෝ වේවා.

Source:Hirugossip
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *