රනිල් වහා ඉවත් වෙන්න

290

මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඔහු විසින් අද (06) කැඳවා තිවූ මාධ්‍යහමුවක දී යි.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් නැති බවත්, මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත්, ඒ හේතු මුල් කර ගනිමින් රනිල් වික්‍රමසිංහ වහා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

එසේ ම ඩොලර් මිලියන 30ක ආදායමක් රටට ගෙනා හැකි මේ කාල සීමාව තුළ ඒ මුදල් ප්‍රමාණය මෙරටට ගෙන ඒම සඳහා අග්‍රාමාත්‍යවරයා සතු කිසිදු සැලසුමක් ද නො තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.

තව ද අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික සැලැස්ම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ද අමාත්‍ය ධම්මික පෙරේරා විසින් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහට අභියෝග කළා.

තමා 2019 වසරේ දී ද රනිල් වික්‍රමසිංහට ප්‍රසිද්ධ විවාදයකට අහියෝගයක් කළ අතර එයින් ද ඔහු පළා යාමට කටයුතු කළ බව ද අමාත්‍ය ධම්මික පෙරේරා විසින් මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *