Latest Articles
Search

දුම්රිය සේවකයින්ට ඉන්ධන නැහැ- දුම්රිය ධාවනය අඩාලයි

234

අද (06) උදෑසන දුම්රිය ධාවනයේ යම් අඩුවක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි ‍සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අද උදෑසන ධාවනය කිරීමට නියමිත කාර්යාලීය දුම්රිය 50 න් ධාවනය කිරීමට හැක්වන්නේ දුම්රිය 26 ක් පමණක් බවයි.

Advertisement

වෙන් කළ ආසන සහිත දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කළ බව ඔහු පැවසී ය.

Advertisement

මීට අමතරව කෙටි දුර ධාවනය වන දුම්රිය ධාවනයට ද බාධා මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Advertisement

දුම්රිය නියාමකවරුන් රැසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සිමා කිරීමට සිදුව ඇති බව ද ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

Advertisement

දුම්රිය ධාවනාගාරවල සේවකයින් ද ඊයේ දිනයේ වැඩවර්ජනයක නිරත වූයේ සේවයට වාර්තා කිරීම සඳහා සිය පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාදි‍මේදි ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමිනි.

Advertisement

මේ අතර ඉන්ධන හිගය හේතුවෙන් සේවකයින්ට සේවාවලට වාර්තා කිරීමේදී ගැටලු රැසක් මතුව ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

Advertisement

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා පැවසුවේ, මේ හේතුවෙන් බොහෝ දුම්රිය අද උදෑසන අවලංගු කිරීමට සිදුවන බවයි.

Advertisement

Source:Newsfirst

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *