BREAKING NEWS
Search

නිවෙස්වල දරු ප්‍රසූත සිද්ධි ඉහළට

9802

ගත වූ දින කිහිපය තුළ දිවයින පුරා නිවෙස්වල දී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන්වල ඉහළ යෑමක් වාර්තාවන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ, ඉන්ධන අර්බුදය හමුවේ රෝහල් වෙත ළඟාවීමේ අපහසුතා මෙන්ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව යි.

ඒ අනුව පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකෝට්ටේ සහ මෝදර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් එවැනි සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහාය සහිත ව එම ප්‍රසූත කිරීම් සිදු ව ඇති බැවින් දරුවන් සහ මව්වරුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *