Latest Articles
Search

අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීමට රු. බිලියන 200ක්

312

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

Advertisement

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Advertisement

මෙම වැඩපිළිවෙල යටතේ රටේ සිටින සියලු‍ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු. 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතයි.

Advertisement

දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැළකිල්ලට ගෙන ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Advertisement

මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලු‍ම දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේළක් සැපයීමට ද ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

Advertisement

Source:Hirunews

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *