ආහාර අර්බුදයක් පිළිබඳ රටම අවධානය යොමු කර ඇති කාලයක දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම් වගා කිරීම සඳහා මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කිසිදු ප්‍රයෝජනයකට නොගත් රජයේ ඉඩම් කැලෑ වැදී තිබෙන බව හිරු ප්‍රවෘත්ති මීට පෙර අනාවරණ කළා.
කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ එම දෙපාර්තමේන්තුවට අයත් වගා කළ හැකි එහෙත් මෙතෙක් වගා නොකළ ඉඩම් පිළිබඳ අප පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.
එම අනාවරණයත් සමඟ වගා කළ හැකි රජයේ ඉඩම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවුණා.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම් වගා කටයුතු සඳහා තාවකාලිකව ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.
අදාළ ප්‍රදේශවල දැනටමත් වගා කටයුතුවල නිරත පුද්ගලයින්ල දුම්රිය මාර්ග අසල පදිංචිකරුවන් හා අඩු ආදායම්ලාභීන් යන කොටස් වෙත ප්‍රමුඛතාව ලබාදෙමින් වර්ෂයක කාලයක් සඳහා මෙම ඉඩම් පිරිනැමීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මුළු රක්ෂිත ඉඩම් ප්‍රමාණය අක්කර 14,000ක්.
වැඩිම ඉඩම් ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ උතුරු මැද පළාතට අයත් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලයි.
ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවලින්ද දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
කෙටි කාලීන බෝග වගාව සඳහා මෙවැනි ඉඩම් යොදාගැනීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයේ බලපෑම අවම කරගැනීමට හැකිවනු ඇති.
ඒ අනුව වගා නොකළ ඉඩමක අලුතින් වගා කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් අප විමසීමක් කළා.
Source:Hirunews


















