BREAKING NEWS
Search

ජනපති ගෙදර යන දිනය හිටපු ඇමති කියයි

481

එස්.එම්.චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා විරෝධතාකරුවන් ඇතුළු රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ ඉල්ලීම සමග ඔහු ජනපතිවරයා ගෙදර යෑමට සූදානම් දිනයද ප්‍රකාශයට පත් කරනවා.

හිටපු ඇමතිගේ ඉල්ලීම

ඔහුගේ ඉල්ලීම වන්නේ තව වසරක කාලයක් ජනපතිවරයාට ලබා දෙන ලෙසට.

ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සඳහා ජනපතිවරයාට තව අවුරුද්දක් ලබා දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ එසේ අවුරුද්දක් ලබාදී ඒ කාලය තුළ ජනතා ප්‍රශ්න වලට විසඳුම් නොලැබුණහොත් ජනපතිවරයාට ගෙදර යන ලෙස ප්‍රකාශ කරන ලෙසයි.

ජනපතිවරයාගේ තීන්දුව

එවන් පසුබිමක් තුළ ජනපතිවරයා ගෙදර යනු ඇති බවයි චන්ද්‍රසේන මහතා සඳහන් කරන්නේ.

ගාලු මුවදොර පිටියේ ජනතාව විරෝධතා දැක්වීම ජනතාවගේ අයිතියක් බවද ඔහු අවධාරණය කරනවා.

චන්ද්‍රසේන මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමින්.

අරගලකරුවන්ගේ ඉල්ලීම

ගාලු මුවදොර තරුණ උද්ඝෝෂණකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ජනපතිවරයා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

එතෙක් තම විරෝධතා අරගලය දිගටම ගෙන යන බවයි අරගලකරුවන් ප්‍රකාශ කරන්නේ.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *