BREAKING NEWS
Search

නව ක්‍රීඩා ඇමති ජීවන තොණ්ඩමන් ද?

255

වත්මන් ආණ්ඩුවේ සන්ධානගත පාර්ශවයක් වන ලංකා කම්කරු කොංග්‍රසයද සිටින්නේ ආණ්ඩුව සමග විරසකයක.

ලංකා කම්කරු කොංග්‍රසයේ විරසකයට හේතුව ඇමති ධූර ප්‍රශ්නයක්.

ඇමති ධූර ප්‍රශ්නය

ඒ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන එස්.බී. දිසානායක මහතාට ඇමති ධූරයක් ලබා දීමත් සිය පක්ෂයට ඇමති ධූරයක් ලබා නොදීම.

ලංකා කම්කරු කොංග්‍රසයේ ශක්තිය තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ.

මේ නිසා තම පක්ෂයටද කැබිනට් ඇමති ධූරයක් අවශ්‍ය බව එම පක්ෂය ආණ්ඩුවට දැනුම් දුන්නා.

පක්ෂ ප්‍රධාන ලේකම්

ඒ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතාටයි.

ඔහු දැනට ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරනවා.

එසේ නොවන්නේ නම් ලංකා කම්කරු කොංග්‍රසයද ස්වාධීන වන බවටත් ආණ්ඩුවට පණිවිඩයක් යවා තිබුණා.

මේ සිදුවීම් සියල්ල සිදුවුණේ ඉකුත් 4 වෙනි දින කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට පෙර.

තත්ත්වය වෙනස් වීම

එහෙත් දැන් තත්ත්වය වෙනස් වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එළඹෙන සතියේ දී පත් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජීවන තොණ්ඩමන් මහතාට ලබාදීමට සූදානම් බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.

මෙතෙක් එම ඇමති ධූරය දැරුවේ නාමල් රාජපක්ෂ මහතායි.

ජීවන් තොණ්ඩමන් මහතා තවමත් පසුවන්නේ 27 වැනි වියේ.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *