Latest Articles
Search

සියඹලාපිටිය ඉවත් වෙයි. මැතිසබේට නව නියෝජ්‍ය කතානායකවරයෙක්

206

නියෝජ කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එළඹෙන සිකුරාදාවෙන් අනතුරුව පාර්ලිමේන්තු කාර්යභාරය ද ඉවත් වන බව නිවේදනය කර සිටිනවා.

Advertisement

ඒ අනුව එළඹෙන සැසිවාරයේ පළවෙනි කර්තව්‍ය ලෙස නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට සිදුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Advertisement

නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම පාර්ලිමේන්තුවේදී ලබන මස 4 වෙනිදා සිදුකෙරෙනු ඇති.

Advertisement

නියෝජ්‍ය කතානායක තනතුර සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් එදින පැවැත්වීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

Advertisement

මේ අතර තමා නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කරන්නේ ලබන 19 සිට 22 දක්වා පමණක් බව රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ගත් තීරණයත් සමග රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

Advertisement

පවතින අර්බුදකාරී තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරය යළි බාර ගත්තා.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *