BREAKING NEWS
Search

11 සහ 12 රජයේ විශේෂ නිවාඩු

192

මේ මස 11 වන සඳුදා සහ 12 වන අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍ර ලේඛයද මේ වනවිට නිකුත් කර ඇති බවයි.

මේ අතර, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයට පත් කිරීම ද ආර්ථික අර්බුදයට හේතුවක් වූ බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් එම සංගමයේ වත්මන් සභාපති රෝහණ ද සිල්වා කියා සිටියේ රට තුල පවතින අර්බුදයන්ට කඩිනම් විසඳුමක් ලබාදීමට ව්‍යවස්ථාදායකය කටයුතු නොකරන්නේ නම් තම සංගමයට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *